JavaScript is required
Teenager learning to beekeep.

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)

VCE හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය (VCE) පුළුල් පරාසයක අධ්‍යයන විකල්පයන් ඉදිරිපත් කරයි.

ඔබට ඔබේ රුචිකත්වයන් ගවේෂණය කිරීමට සහ ඉලක්ක සපුරා ගැනීමට ඉඩ සලසන විවිධ අධ්‍යනයන් තෝරාගත හැකිය.

ඒකක 1 සහ 2 විෂයයන් සාමාන්‍යයෙන් 11 වසරේ දී අධ්‍යයනය කෙරෙන අතර, ඒකක 3 සහ 4 විෂයයන් සාමාන්‍යයෙන් 12 වසරේ දී අධ්‍යයනය කෙරේ.

VCE සම්පූර්ණ කිරීමෙන් ඔබට විශ්වවිද්‍යාලයට සෘජු මාර්ගයක් පිරිනමන ATAR ලකුණක් ලබා ගත හැකිිය.

VCE මගින් පාසලෙන් පසු ඔබව විවිධ පැතිවලට ගෙන යා හැකි අතර ඔබ පන්තිකාමර පරිසරයක ඉගෙනීමට කැමති නම් සහ පාසලෙන් පසු කෙලින්ම විශ්වවිද්‍යාලයට යාමට අවශ්‍ය විය හැකි බව දන්නේ නම් එය විශිෂ්ට තෝරා ගැනීමකි.

එමගින් ඔබව ගෙනයා හැක්කේ කොතැනටද

VCE මගින් පහත දැක්වෙන දේ සඳහා ඔබව සූදානම් කරනු ඇත:

  • විශ්වවිද්‍යාලයට
  • ආධුනිකත්වයකට හෝ පුහුණුවකට
  • වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව
  • කෙළින් ම ශ්‍රම බලකායට එක්වීමට.

ඔබට ඇති VCE විෂය විකල්පයන්

VCE ලබා ගැනීමට, ඔබ විසින් අවම වශයෙන් ඒකක 16ක් සාර්ථකව සම්පූර්ණ කළ යුතුය. ඒවාට ඇතුළත් විය යුත්තේ:

  • ඒකක 3 සහ 4 විෂයන් අනුපිළිවෙල 3 ක්
  • ඉංග්‍රීසි විෂය කණ්ඩායමකින් ඒකක 3ක් (ඒකක 3 සහ 4 ඇතුළුව).

බොහෝ සිසුන් සිය වසර දෙකක VCE කාලය තුළ ඒකක 20ක් 24ක් අතර සම්පූර්ණ කරති.

සෑම පාසලක් විසින් ම ඔවුන් පිරිනමන VCE විෂයයන් සහ VET අධ්‍යයන විකල්පයන් තීරණය කරන අතර, සියලුම පාසල් සියලු අධ්‍යයනයන් ලබා නොදේ. පිරිනමනු ලබන අධ්‍යනයන් පිළිබඳව ඔබේ පාසල සමග පරීක්ෂා කර බලන්න.

ඔබට ලැබෙන්නේ මොනවාද

ඔබ අධ්‍යාපනය අවසන් කළ විට, ඔබට පහත දැක්වෙන දේ ලැබෙනු ඇත:

  • an Australian Tertiary Admission Rank (ATAR) score* (ඔස්ට්‍රේලියානු තෘතීයීක පිවිසුම් ශ්‍රේණිගත කිරීමේ ලකුණක්) (ඔබ සුදුසුකම් සපුරයි නම්)
  • VCAA වෙතින් ප්‍රතිඵල ප්‍රකාශයක්
  • ඔබේ TAFE වෙතින් සම්පූර්ණ කිරීමේ ප්‍රකාශයක්* (ඔබ යම් VET ඒකක සම්පූර්ණ කර ඇත්නම්)
  • ඔබේ VET සුදුසුකම් (ඔබ සම්පූර්ණ කර ඇත්නම්)
  • ඔබේ Victorian Certificate of Education (ඔබේ වික්ටෝරියානු සහතික පත්‍රය).

සහතිකය සම්පූර්ණ නොකරන සිසුන්ට ඔවුන්ගේ සියලු සාධනයන් ලැයිස්තුගත කරන සාධන පැතිකඩ සාරාංශයක් ලැබෙනු ඇත.

වැඩිදුර විස්තර

ඔබට වඩාත් ගැලපෙන ආකාරයට ඔබේ VCE වැඩසටහන ගොඩනගන්නේ කෙසේද යන්න ගැන ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.

වෙනත් පිවිසුම් මාවත්

Updated