JavaScript is required

දේශිගේ VCE පිවිසුම් මාවත (Deshi's VCE pathway) - සිංහල (Sinhalese)

VCE සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු ගැන උදාහරණයක්.

A high school student takes notes in their note book while smiling at the camera. Behind them is a stack of books and library shelves full of old books.

දේශි - නීතිඥයෙක්

දේශිට සෑම විට ම අවශ්‍ය වූයේ නීතීඥයෙකු වීමටය: ඔවුහු ව්‍යාපාර ගැන හැදෑරීමට සහ පාසල් විවාද කණ්ඩායමේ සාමාජිකයෙකු සේ කටයුතු කිරීමට ප්‍රිය කළෝය.

ඔවුන් VCE තෝරා ගත්තේ ඇයි

දේශීට විශ්වවිද්‍යාලයේ නීතිය හැදෑරීමට අවශ්‍ය නිසා ATAR අවශ්‍ය වේ.

ඔවුන් තම විකල්පයන් ගැන සහ තම පූර්ව අවශ්‍යතා සපුරා ඇති බවට සහතික කර ගැනීමට ඔවුන්ගේ පවුලේ අය, ගුරුවරුන් සහ පාසලේ වෘත්තීය උපදේශකවරුන් සමග කතා කළහ.

ඔවුන් වැඩ කිරීමට සහ වැඩ කරන පරිසරයට කැමැත්තක් දක්වනවාද යන්න සොයා බැලීමට ඔවුන් ආයතනික කාර්යාලයක සේවා පළපුරුද්ද ද සම්පූර්ණ කළහ.

ඔවුන් අධ්‍යයනය කළේ මොනවාද

දේශී තම අනාගත වෘත්තියට අදාළ විෂයයන් මෙන්ම ඔවුන් සැබෑ උනන්දුවක් දක්වන විෂයයන් තෝරා ගත්තේය.

දේශී 10 වසරෙදිත් VCE විෂයක් කිරීමට තෝරා ගත්තෝය.

10 වසරේ දී ඔවුන් ඉගෙන ගත්තේ:

  • VCE ශාරීරික අධ්‍යාපනය ඒකක 1 හා 2

11 වසරේ දී ඔවුන් ඉගෙන ගත්තේ:

  • VCE ඉංග්‍රීසි ඒකක 1 හා 2
  • VCE ගණිත ක්‍රම ඒකක 1 හා 2
  • VCE නීති අධ්‍යයන ඒකක 1 හා 2
  • VCE නූතන ඉතිහාසය ඒකක 1 හා 2
  • VCE ශාරීරික අධ්‍යාපනය එකක 3 හා 4
  • VCE VET ව්‍යාපාර ඒකක 1 සහ 2 (ව්‍යාපාරයේ පිලිබඳ සහතික පත්‍ර III සඳහා වැඩ කිරීම).

12 වසරේ දී ඔවුන් ඉගෙන ගත්තේ:

  • VCE ඉංග්‍රීසි ඒකක 3 හා 4
  • VCE ගණිත ක්‍රම ඒකක 3 හා 4
  • VCE ඉතිහාස විප්ලව ඒකක 3 සහ 4
  • VCE නීති අධ්‍යයන ඒකක 3 හා 4
  • VCE VET ව්‍යාපාර ඒකක 3 සහ 4 (ව්‍යාපාර පළිබඳ සහතික පත්‍ර III සඳහා වැඩ කිරීම).

Updated