JavaScript is required

කමලාගේ VCE VM පිවිසුම් මාවත (Kamala's VCE VM pathway) - සිංහල (Sinhalese)

VCE Vocational Major සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.

A teenage girl in a lab coat and protective glasses smiles to someone off camera. She is holding a DNA model in her hands.

කමලා - රසායනාගාර කාර්මික ශිල්පිනියක්

කමලා විමර්ශනය කිරීමට, ගැටලු විසඳීමට සහ රැකියාවේදී ඉගෙනීමට ප්‍රිය කරයි.

පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු රසායනාගාර කාර්මික ශිල්පී පුහුණුවක් ආරම්භ කිරීමට ඇයට අවශ්‍ය වුයේ එමගින් ඉංජිනේරු, සෞඛ්‍ය සහ පර්යේෂණ ක්ෂේත්‍රවල රැකියා සඳහා යොමු කරවන නිසාය.

ඇය VCE VM තෝරා ගත්තේ ඇයි

10 වසරේදී කමලා දේශීය සායනික රසායනාගාරයක සේවා පළපුරුද්ද භුක්ති වින්දාය.

වෛද්‍ය පරීක්ෂණ ක්ෂේත්‍රයේ පුහුණුවක් ලැබීම, තම වෘත්තිය ආරම්භ කිරීමට හොඳ මාර්ගයක් වනු ඇති බවට මෙමගින් ඇයට විශ්වාසයක් ඇති කළේය.

ඇයට තිබෙන විකල්පයන් ගැන මෙන්ම ඇය තම පූර්වාවශ්‍යතා සපුරා ඇති බව තහවුරු කර ගැනීම සඳහා ඇයගේ පවුලේ අය, ගුරුවරුන් සහ පාසලේ වෘත්තීය උපදේශක සමඟ කතා කළාය.

ඇය ඉගෙන ගත්තේ මොනවාද

කමලා ව්‍යවහාරික ඉගෙනීම, න්‍යායාත්මක අධ්‍යයනය සහ සේවා පළපුරුද්ද සමඟ සංයෝගය වූ විෂයයන් තෝරා ගත්තාය.

11 වසරේ දී ඇය ඉගෙන ගත්තේ:

  • VCE VM සාක්ෂරතා ඒකක 1 හා 2
  • VCE සාමාන්‍ය ගණිතය ඒකක 1 හා 2
  • VCE VM රැකියා ආශ්‍රිත කුසලතා ඒකක 1 හා 2
  • VCE රසායන විද්‍යා ඒකක 1 හා 2
  • VCE VET රසායනාගාර නිපුණතා අධ්‍යයන ඒකක 1 සහ 2 (රසායනාගාර නිපුණතා සහතික පත්‍රය III සඳහා වැඩ කිරීම)
  • VET ඒකකය 1 සඳහා ව්‍යුහගත සේවා ස්ථාන ඉගෙනුම් පිළිගැනීම: රැකියා ස්ථානයේ ඉගෙනීම.

12 වසරේ දී ඇය ඉගෙන ගත්තේ:

  • VCE VM සාක්ෂරතා ඒකක 3 හා 4
  • VCE සාමාන්‍ය ගණිතය ඒකක 3 හා 4
  • VCE VM පෞද්ගලික සංවර්ධන කුසලතා ඒකක 3 හා 4
  • VCE VM රැකියා ආශ්‍රිත කුසලතා ඒකක 3 හා 4
  • VCE VET රසායනාගාර නිපුණතා අධ්‍යයන ඒකක 3 සහ 4 (රසායනාගාර නිපුණතා සහතික පත්‍රය III සඳහා වැඩ කිරීම)
  • VET ඒකක 2 සඳහා ව්‍යුහගත සේවා ස්ථාන ඉගෙනුම් පිළිගැනීම: රැකියා ස්ථානයේ ඉගෙනීම.

Updated