ඔබේ VCE ලබා ගැනීමට අලුත් ආකාරයක් පවතියි
VCE Vocational Major (VCE VM) යනු VCE හි කොටසක් වන වසර දෙකක ව්‍යවහාරික ඉගෙනුම් වැඩසටහනකි.
මෙමගින් රැකියාව හා ජීවිතය සඳහා කුසලතා සහ කර්මාන්ත එකක හෝ කිහිපයක ප්‍රායෝගික අත්දැකීම් ලැබෙන අතර, රැකියා නියුක්තියක් සහිතව පාසල නිම කිරීම සිදු වනු ඇත.
ඔබේ ගුරුවරුන් විසින් ක්‍රියාකාරකම් පරාසයක් ඔස්සේ ඔබේ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇත. ඔබේ එක ම විභාගය General Achievement Test (GAT) (පොදු සාධන විභාගය) (A කොටස පමණක්) වනු ඇත.
VCE VM අධ්‍යයන ක්ෂේත්‍ර හතර අනෙකුත් VCE අධ්‍යයනවලට වඩා වෙනස් ආකාරයේ ඇගයීම් භාවිත කරයි. ඔබේ ගුරුවරයා විසින් පන්තියේ දී ඇගයීම සම්පූර්ණ කරන අතර, අවශ්‍යතා සපුරා ගැනීමට ඔබට සහාය ලබාදෙනු ඇත.
VCE VM විෂයන්ට අධ්‍යයන ලකුණක් නොලැබෙන බැවින් ඒවා ATAR ගණනය කිරීමට උපයෝගී කර නොගනියි.
ඔබ සැබෑ ලෝක පරිසරයක ඉගෙනීමට කැමති නම් සහ ඔබට ATAR අවශ්‍ය නොවන්නේ නම් VCE VM හොඳ තේරීමක් වේ.
මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න
VCE VM ඔබව ගෙන යා හැක්කේ කොතැනට ද
VCE VM මගින් ඔබව පහත දැක්වෙන දේ සඳහා සූදානම් කරනු ඇත:
- ආධුනිකත්වයකට හෝ පුහුණුවකට
- වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව
- විකල්ප ඇතුළත් වීමේ වැඩසටහන් ඔස්සේ විශ්වවිද්‍යාලයට
- කෙළින් ම ශ්‍රම බලකායට එක්වීමට.
VCE VM විෂය සම්බන්ධව ඔබට ඇති විකල්පයන්
VCE VM සම්පුර්ණ කිරීමට, ඔබ අවම වශයෙන් ඒකක 16ක් සාර්ථකව සම්පූර්ණ කළ යුතුය. එයට ඇතුළත් විය යුත්තේ:
- VCE VM සාක්ෂරතාව හෝ VCE ඉංග්‍රීසි ඒකක 3ක් (ඒකක 3 හා 4 අනුපිළිවෙල ඇතුළුව)
- VCE VM ගණිත හැකියාව හෝ VCE ගණිත ඒකක
- VCE VM රැකියා සම්බන්ධ නිපුණතා ඒකක
- VCE VM පෞද්ගලික සංවර්ධන නිපුණතා ඒකක
- ඔබ තෝරා ගන්නා වෙනත් ඒකක 3 හා 4 අනුපිළිවෙල් 3ක්
- VET හි සහතිකපත් II හෝ ඉහළ මට්ටමක් (නාමික පැය 180ක්).
ඔබේ VET හි කොටසක් ලෙස ඔබට රැකියා ස්ථානයක ඉගෙනුම් ලැබීම ද සිදු කළ හැකිය. මෙය ව්‍යුහමය රැකියා ස්ථාන ඉගෙනුම පිළිගැනීම ලෙස හැඳින්වේ.
ඔබට වෙනත් VCE අධ්‍යයයන් ඔබගේ VCE VM වැඩසටහනට එක් කළ හැකිය.
ඔබට ලැබෙන්නේ මොනවාද
ඔබ අධ්‍යාපනය අවසන් කළ විට, ඔබට පහත දැක්වෙන දේ ලැබෙනු ඇත:
- VCAA වෙතින් ප්‍රතිඵල ප්‍රකාශයක්
- ඔබේ VET පුහුණු සපයන්නා වෙතින් සම්පූර්ණ කිරීමේ ප්‍රකාශයක්* (ඔබ යම් VET ඒකක සම්පූර්ණ කර ඇත්නම්)
- ඔබේ VET සුදුසුකම් (ඔබ සම්පූර්ණ කර ඇත්නම්)
- ‘Vocational Major' (වෘත්තීමය ප්‍රධාන ධාරාව) යන අමතර වචන සහිත ඔබේ වික්ටෝරියානු අධ්‍යාපන සහතිකය.
සහතිකය සම්පූර්ණ නොකරන සිසුන්ට ඔවුන්ගේ සියලු සාධනයන් ලැයිස්තුගත කරන සාධන පැතිකඩ සාරාංශයක් ලැබෙනු ඇත.

කමලාගේ VCE VM පිවිසුම් මාවත (Kamala's VCE VM pathway) - සිංහල (Sinhalese)
VCE Vocational Major සඳහා අධ්‍යයනය කළ සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.
වැඩිදුර විස්තර
VCE VM ඔබට උචිත දැයි දැන ගැනීමට ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.
වෙනත් පිවිසුම් මාවත්

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)
Victorian Certificate of Education (VCE) (වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය) සහ එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය ගැන (About the Victorian Pathways Certificate) - සිංහල (Sinhalese)
VPC හා එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.
Updated