Victorian Pathways Certificate (VPC) යනු ඔබේ අධ්‍යයන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා වන ඇතුළත්කරණය සහිත, නම්‍යශීලී විකල්පයකි.
එය විවිධ හේතු නිසා VCE හෝ VCE VM සම්පූර්ණ කිරීමට නොහැකි හෝ එයට සූදානම් නැති සිසුන් වෙනුවෙන් සකස් කර ඇත.
සාමාන්‍යයෙන් 11 හා 12 වසරවලදී VPC සම්පූර්ණ කරන නමුත්, එය කලින් ආරම්භ කිරීමට හෝ අවුරුදු 2කට වඩා වැඩි කාලයක් ගත කර අවසන් කළ හැකිය. ඔබේ පාසල සමග එක්ව VPC ආරම්භ කිරීමට සහ අවසන් කිරීමට ඔබට උචිත ම කාලය තීරණය කිරීම කළ හැකිය.
පාඨමාලා කටයුතු VCE සහ VCE VM වලට වඩා පහසුවෙන් ප්‍රවේශ විය හැකි මට්ටමකින් ලබා දෙයි. ඔබේ ගුරුවරුන් විසින් පන්ති කාමර ක්‍රියාකාරකම් හරහා ඔබේ ප්‍රගතිය ඇගයීමට ලක් කරනු ඇත.
VPC යනු සියලුම සිසුන් සඳහා උචිත වන විකල්පයක් නොවන අතර, එය ශිෂ්‍යයා, දෙමාපියන් සහ පාසල සමග සහයෝගීව විශේෂිත ශිෂ්‍යයෙකුගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබේ පාසල විසින් නිර්දේශ කරනු ලැබේ.
මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න
VPC ඔබව රැගෙන යා හැකි තැන
VPC මගින් ඔබව පහත දැක්වෙන දේ සඳහා සූදානම් කරනු ඇත:
- VCE හා VCE VM
- ප්‍රවේශ මට්ටමේ VET, එය TAFE හි විය හැකිය
- කෙළින් ම ශ්‍රම බලකායට එක්වීමට
- ආධුනිකත්වයකට හෝ පුහුණුවකට.
ඔබට ඇති VCE විෂය විකල්පයන්
ඔබ ඒකක 12ක් හෝ වැඩි ගණනක් සම්පූර්ණ කළ යුතු අතර එයට පහත විෂයන් වත් ඇතුළත් විය යුතුය:
- VPC සාක්ෂරතා ඒකක 2ක් (හෝ VCE VM සාක්ෂරතාවය ඇතුළුව VCE ඉංග්‍රීසි කණ්ඩායමේ ඒකක)
- VPC ගණිත හැකියාව ඒකක 2ක් (හෝ VCE VM ගණිත හැකියාව ඇතුළු VCE ගණිත කණ්ඩායමේ ඒකක)
- VPC රැකියා සම්බන්ධ නිපුණතා ඒකක 2ක්
- VPC පෞද්ගලික සංවර්ධන නිපුණතා ඒකක 2ක්.
ඉතිරි ඒකක හතර වෙනත් VPC ඒකකවලින් හෝ VET සහතිකය I හෝ ඉහත විෂයයකින් විය හැකිය.
ඔබට රැකියා ස්ථානයෙන් ඉගෙනීම ද කළ හැකිය. ඔබට ඔබට VCE හෝ VCE VM ඒකක සමඟ, හෝ VET I මට්ටමේ හෝ ඉහළ මට්ටමක සහතික සමඟ VPC ඒකාබද්ධ කළ හැකිය.

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)
VET වික්ටෝරියාවේ අනෙක් 11 හා 12 වසර අධ්‍යයනයන් සමග ගැළපෙන ආකාරය ගැන වැඩිදුර දැන ගන්න.
ඔබට ලැබෙන්නේ මොනවාද
ඔබ VPC අධ්‍යාපනය අවසන් කළ විට, ඔබට පහත දැක්වෙන දේ ලැබෙනු ඇත:
- VCAA වෙතින් ප්‍රතිඵල ප්‍රකාශයක්
- TAFE වෙතින් සම්පූර්ණ කිරීම පිළිබඳ ප්‍රකාශයක්
- ඔබේ VET සුදුසුකම
- ඔබේ Victorian Pathways Certificate (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය).
සම්පූර්ණ සුදුසුකම් සම්පූර්ණ නොකරන සිසුන් සඳහා, ශිෂ්‍ය ජයග්‍රහණසාධන පැතිකඩ සාරාංශයක් පවතිනු ඇත.

බ්‍රැන්ඩන්ගේ VPC පිවිසුම් මාවත (Brandon's VPC pathway) - සිංහල (Sinhalese)
Victorian Pathways Certificate (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය) සඳහා අධ්‍යයනය හදාරන ලද සිසුවෙකු පිළිබඳ උදාහරණයක්.
වැඩිදුර විස්තර
VPC ඔබට උචිත දැයි දැන ගැනීමට ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.
වෙනත් පිවිසුම් මාවත්

වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය ගැන (About the Victorian Certificate of Education) - සිංහල (Sinhalese)
Victorian Certificate of Education (VCE) (වික්ටෝරියානු අධ්‍යාපන සහතික පත්‍රය) සහ එමගින් ඔබ ගෙන යා හැකි තැන් ගැන වැඩිදුර දැන ගන්න.

VCE Vocational Major (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව) ගැන (About the VCE Vocational Major) - සිංහල (Sinhalese)
VCE තුළම අඩංගු වසර දෙකක නව වැඩසහටනක් වන Vocational Major (වෘත්තීමය ප්‍රධාන ධාරාව) VCE හි දැන් ඇතුළත් වේ.
Updated