JavaScript is required
High school student using digital keyboard and DJ equipment.

වෘත්තීමය අධ්‍යාපනය සහ පුහුණුව 11 හා 12 වසරවලට ගැළපෙන ආකාරය (How VET fits into Year 11 and 12) - සිංහල (Sinhalese)

VET ගැන ඔබ දැනගත යුතු සියල්ල, ඔබට ලැබෙන කුසලතා, සහ එමගින් ඔබව රැගෙන යා හැකි තැන.

VET ගැන

වෘත්තීය අධ්‍යාපන පුහුණුව (VET) යනු විශේෂිත කාර්මික ඉගෙනීමකි.

ඔබ VET වෙතින් ඉගෙන ගන්නා කුසලතා රැකියා ස්ථානයේ දී හෝ ඔබ ව්‍යාපාරයක් හෝ සුදුසුකමක් සඳහා දිගටම අධ්‍යනය කරන විට උපයෝගී කර ගත හැකිය.

ඔබ 11 වසරේ හෝ 12 වසරේ සිටින අතරතුර ඔබේ අධ්‍යාපනයට VET එකතු කර ගත හැකිය. සමහර පාසල් සිසුන්ට 10 වසරේ දී VET ආරම්භ කිරිමට අවස්ථාව ලබා දේ.

පහත දැක්වෙන දේ සඳහා VET ඇතුළත් කර ගත හැකිය:

VET සුදුසුකම් මත පදනම්ව, ඔබ ඔබේ පාසලේ හෝ අසල පාසලක/TAFE ආයතනයක්/පුහුණු සපයන ස්ථානයක ඉගෙනීම සිදු කරනු ඇත.

මෙම පිටුව WhatsApp ඔස්සේ බෙදා ගන්න

එමගින් ඔබව ගෙනයා හැක්කේ කොතැනටද

ඔබ පාසැලේ සිටියදී ම ඔබේ වෘත්තීය මාවත ආරම්භ කිරීමට VET උපකාර කරයි.

එය ඔබ උනන්දුවක් දක්වන කර්මාන්තයක ප්‍රායෝගික කුසලතා ලබා දෙන අතර එමගින් ඔබේ රැකියා හැකියාව වැඩි දියුණු වේ.

VET ඔබේ සම්පූර්ණ කිරීම සඳහා ඔබට විෂය භාර ලබා දෙයි:

  • Victorian Certificate of Education (අධ්‍යාපනය පිලිබඳ වික්ටෝරියානු සහතික පත්‍රය)
  • VCE Vocational Major (VCE VM) (VCE වෘත්තීමය ප්‍රධාන ධාරාව)
  • Victorian Pathways Certificate (VPC) (වික්ටෝරියානු පිවිසුම් මාර්ග සහතිකය).

සමහර VET වැඩසටහන් මගින් ATAR සඳහා, ඔබ එවැන්නකට සුදුසුකම් ලබන්නේ නම්, දායක වන ලකුණු ලබා දෙයි ලකුණු නොලබන VCE VET වැඩසටහනකින් ඒකක 3-4 අනුපිළිවෙලක් ලබා ගන්නා ශිෂ්‍යයෙකුට ඔවුන්ගේ ATAR සඳහා වර්ධකයක් ලැබීමට සුදුසුකම් ලැබිය හැකිය.

SBAT සමග උපයමින් ඉගෙන ගන්න

ඔබ VCE, VCE VM හෝ VPC කරන අතරතුර, සමහර VET විකල්පයන් ගෙවීම් කරන පාසල් පදනම් කරගත් ආධුනිකත්ව හෝ පුහුණු (SBAT) ලෙස ලබා ගත හැකිය.

පුහුණු වැටුපක් උපයමින් සුදුසුකම් ලත් වෘත්තිකයන් සමග වැඩ කරමින් සිටින අතරතුර, මෙම විකල්පය මගින් ඔබට අර්ධකාලීන සේවකයෙකු ලෙස රැකියා ස්ථානයේ දී ඉගෙනීමට ඉඩ සලසයි. බොහෝ SBAT සිසුහු 12 වසර අවසන් කිරීමෙන් පසු පූර්ණ කාලීන ආධුනිකයෙකු ලෙස හෝ පුහුණුවන්නෙකු ලෙස රැකියාව දිගටම කරගෙන යති.

මෙම විකල්පය ගැන වැඩි විස්තර දැන ගැනීමට, පාසල් පාදක ආධුනිකත්ව සහ පුහුණුවීම් වෙත පිවිසෙන්න.

ඔබේ VET තෝරා ගැනීම්

වැඩි වැඩියෙන් පාසල් පහත ලැයිස්තුගත කර ඇති ප්‍රමුඛතා මාර්ගවල VET පිරිනමති. ඔබේ පාසලේ ඇති වරණයන් මොනවාදැයි සොයා ගැනීමට ඔබේ පාසලේ වෘත්තීය උපදේශකවරයා සමග කතා කරන්න.

පහත ලැයිස්තුගත කර ඇති සමහර සහතිකවල ලබාගත හැකි ලකුණු මාර්ග සහ ලබාගත හැකි ඒකක 3 සහ 4 අනුපිළිවෙල අඩංගු වේ. මේවා අදාළ වන VET විකල්පයන් සලකුණු කර ඇත්තේ:

- ලබාගත හැකි ලකුණු මාර්ග = *

- ලබාගත හැකි ඒකක 3 සහ 4 අනුපිළිවෙල = +

සෞඛ්‍යය

  • සෞඛ්‍ය උපකාරක සේවා සහතිකපත්‍ II
  • සම සෞඛ්‍ය උපකාර පිළිබඳ සහතිකපත්‍ III (අර්ධ සම්පූර්ණ කිරීම)
  • සෞඛ්‍ය සේවා සහාය පිළිබඳ සහතිකපත්‍ III *+

    මෙම සහතිකපත් VCE VET සෞඛ්‍ය වැඩසටහනේ ඇතුළත් වේ.


ප්‍රජා සේවා හා මුල් ළමාවිය අධ්‍යාපනය

  • සක්‍රීය ස්වේච්ඡා සේවය සහතිකපත්‍ II
  • ප්‍රජා සේවය සහතිකපත්‍ II
  • ප්‍රජා සේවය පිලිබඳ සහතිකපත්‍ III *+
  • මුල් ළමාවිය අධ්‍යාපනය හා රැකවරණය සහතිකපත් III (කොටසක් නිම කෙරේ) +
  • ව්‍යවහාරික භාෂා සහතිකපත්‍ II
  • ව්‍යවහාරික භාෂා සහතිකපත්‍ III +

    මෙම සහතිකපත් VCE VET ප්‍රජා සේවා හෝ ව්‍යාවහාරික භාෂා වැඩසටහන්වලට ඇතුළත් වේ.


ගොඩනැගිලි හා ඉදිකිරීම්

  • ඉදිකිරීම් පිවිසුම් මාවත් සහතිකපත්‍ II +
  • ගොඩනැගිලි හා ඉදිකිරීම් පූර්ව ආධුනිකත්ව සහතිකපත්‍රය II (කොටසක් නිම‌ කෙරේ) +
  • ජලනල තාක්ෂණය පිළිබඳ සහතිකපත්‍ II (පූර්ව ආධුනිකත්වය) +
  • සිවිල් ඉදිකිරීම් සහතිකපත් II +

    මෙම සහතිකපත් VCE VET ගොඩනැගිලි හා ඉදිකිරීම්, ජලනල තාක්ෂණය හෝ සිවිල් යටිතල පහසුකම් වැඩසටහන්වලට ඇතුළත් වේ.


ඩිජිටල් මාධ්‍ය හා තාක්ෂණ


සත්කාරක සේවා

  • සත්කාරක සේවා සහතිකපත් II *+
  • ආහාර පිසීමේ සහතිකපත්‍රය II (කලින් මුළුතැන්ගේ මෙහෙයුම් සහතිකපත් II ) *+

    මෙම සහතිකපත් VCE VET සත්කාරක සේවා වැඩසටහනට ඇතුළත් වේ.


පිරිසිදු බලශක්ති සහ ඉංජිනේරු විද්‍යා

  • ඉංජිනේරු විද්‍යා අධ්‍යයන සහතිකපත් II *+
  • රසායනාගාර කුසලතා සහතිකපත් III *+
  • ඉලෙක්ට්‍රොනික තාක්ෂණ (වෘත්තීය ආරම්භ) සහතිකපත් II +
  • ඉලෙක්ට්‍රොනික තාක්ෂණ සහතිකපත් II (පූර්ව වෘත්තීය) සහතිකපත් II+
  • නියැදීම සහ මිනුම් පිළිබඳ සහතිකපත් II

    මෙම සහතිකපත් VCE VET ඉංජිනේරු විද්‍යා, විදුලි කාර්මික තාක්ෂණ හෝ රසායනාගාර කුසලතා වැඩසටහන්වලට ඇතුළත් වේ.


මෝටර්කාර්මික තාක්ෂණය

  • මෝටර්කාර්මික තාක්ෂණ වෘත්තීය සඳහා සූදානම සහතිකපත් II +

    මෙම සහතිකපත් VCE VET මෝටර්කාර්මික තාක්ෂණ වැඩසටහනට ඇතුළත් වේ.


කෘෂිකර්මය හා පරිසරය


කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍ය

  • සිල්ලර විලේපන පිළිබඳ සහතිකපත් II
  • සැලෝන් සහකාර සහතිකපත් II
  • රූපලාවන්‍ය සේවා සහතිකපත් III +
  • රූපලාවන්‍ය සහතිකපත් III +

    මෙම සහතිකපත් VCE VET කොණ්ඩා සැකසුම් හා රූපලාවන්‍ය වැඩසටහනට ඇතුළත් වේ.


නිර්මාණාත්මක කර්මාන්ත

  • නිර්මාණාත්මක කර්මාන්ත පිළිබඳ සහතිකපත් II
  • තිර හා මාධ්‍ය පිළිබඳ සහතිකපත් III *+
  • ඇඟලුම්, විලාසිතා සහ රෙදිපිළි පිළිබඳ සහතිකපත්‍ II (පෙර ව්‍යවහාරික විලාසිතා නිර්මාණ සහ තාක්ෂණය පිළිබඳ සහතිකපත්‍ II ) +
  • සංගීතය පිළිබඳ සහතිකපත් II
  • සංගීතය පිළිබඳ සහතිකපත් III (ප්‍රාසාංගික)*+
  • සංගීතය පිළිබඳ සහතිකපත් III (ශබ්ද නිර්මාණය)*+
  • නර්තනය පිළිබඳ සහතිකපත් II
  • නර්තනය පිළිබඳ සහතිකපත් III *+

    මෙම සහතිකපත් VCE VET නිර්මාණාත්මක හා ඩිජිටල් මාධ්‍ය, ව්‍යවහාරික විලාසිතා සැලසුම් හා තාක්ෂණය, නර්තනය හෝ සංගීතය වැඩසටහන්වලට ඇතුළත් වේ.


ක්‍රීඩා හා විනෝදාස්වාදය

  • එලිමහන් විනෝදාස්වාදය පිළිබඳ සහතිකපත් II
  • ක්‍රීඩා හා විනෝදාස්වාදය පිළිබඳ සහතිකපත් II
  • ක්‍රීඩා, ජල ක්‍රීඩා හා විනෝදාස්වාදය පිළිබඳ සහතිකපත් III*+

    මෙම සහතිකපත් VCE VET ක්‍රීඩා සහ විනෝදාස්වාද වැඩසටහනට ඇතුළත් වේ.


ව්‍යාපාර

  • රැකියා ස්ථාන කුසලතා පිළිබඳ සහතිකපත් II
  • ව්‍යාපාර පිළිබඳ සහතිකපත් III*+
  • කුඩා ව්‍යාපාර (මෙහෙයුම්/නිර්මාණ) සහතිකපත් II +

    මෙම සහතිකපත් VCE VET ව්‍යාපාර හෝ කුඩා ව්‍යාපාර වැඩසටහන්වලට ඇතුළත් වේ.

වැඩිදුර විස්තර

මෙම විකල්ප අතරින්ඔ බට වඩාත් උචිත වන්නේ කුමක්දැයි සොයා බැලීමට පාසලේ වෘත්තීය උපදේශකවරයා අමතන්න.

VET පිළිබඳ වැඩි විස්තර සඳහා, VCAA වෙබ් අඩවියට පිවිසෙන්න.

VET හට ඔබව රැගෙන යා හැකි තැන ගැන වැඩිදුර දන ගැනීමට සහ එය සම්පුර්ණ කළ අනෙකුත් සිසුන්ගෙන් අසා දැන ගැනීමට, VET Champions වෙත පිවිසෙන්න.

Updated