JavaScript is required

සේවකයන් සඳහා වන උපදෙස් (Information for workers) - සිංහල (Sinhalese)

වික්ටෝරියාහි පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය (Portable Long Service Benefits Scheme) මගින් ප්‍රජා සේවා, කොන්ත්‍රාත්තු පිරිසිදු කිරීමේ සහ ආරක්ෂණ කර්මාන්තවල සිටින සේවකයින්හට කර්මාන්තය තුළ සිය කාලය මත පදනම්ව - එක් සේවා යෝජකයකු සමඟ පමණක් නොවේ- දිගු සේවා නිවාඩු වර්ධනය කර ගැනීමට ඉඩ සැලසේ.

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා අධිකාරිය (The Portable Long Service Authority) මෙම යෝජනාක්‍රමය පරිපාලනය කරයි.

දිගු සේවා නිවාඩුව යනු කුමක්ද?

එකම සේවා යෝජකයා වෙනුවෙන් දිගු කාලයක් සේවය කිරීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවේ බොහෝ සේවකයින් දිගු සේවා නිවාඩුව (සාමාන්‍යයෙන් අඩු වශයෙන් අවුරුදු 7ක අඛණ්ඩ සේවා කාලයක්) සඳහා හිමිකම් ලබයි.

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩුව (portable long service leave) යනු කුමක්ද?

වික්ටෝරියාහි පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ යෝජනාක්‍රමය මගින් ප්‍රජා සේවා, කොන්ත්‍රාත්තු පිරිසිදු කිරීමේ සහ ආරක්ෂණ කර්මාන්තවල සිටින සුදුසුකම් ලබන සේවකයින්හට කර්මාන්තය තුළ සිය කාලය මත පදනම්ව දිගු සේවා ප්‍රතිලාභ ගොඩනඟා ගැනීමට ඉඩ සැලසේ.

තනි සේවා යෝජකයෙකු සමඟ පමණක් නොව, කර්මාන්තය තුළ ගත කළ සිය කාලය මත පදනම්ව දිගු සේවා ප්‍රතිලාභ ගොඩනඟා ගැනීමට සේවකයින්හට පුළුවන.

එය පහසුවෙන් ගෙන යා හැකි වන්නේ ඔබ සේවා යෝජකයන් වෙනස් කළද එම කර්මාන්තය තුළදී ඒවා ඔබ සමඟ ඉදිරියට යන බැවිනි.

පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ක්‍රියා කරනුයේ කෙසේද?

ලියාපදිංචි වන්න

යෝජනාක්‍රමය යටතේ ආවරණය වන සේවා යෝජකයින් පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා අධිකාරිය (Portable Long Service Authority) සමගින් ලියාපදිංචි වී සුදුසුකම් ලබන සිය සේවකයින් ලියාපදිංචි කරවා ගත යුතුය.

ඔබේ සේවා යෝජකයා විසින් ඔබව යෝජනාක්‍රමය සඳහා ලියාපදිංචි කළ විට අපි ඔබට ඊමේල් ආකාරයට හෝ තැපැල් මාර්ගයෙන් ඔබේ සේවක ID සමග පිළිගැනීමේ ලිපියක් එවමු.

ඔබ ලියාපදිංචි වී ඇතිදැයි ඔබ නොදන්නේ නම් හෝ ඔබගේ සේවක ID නොදන්නේ නම්, ඔබට 1800 517 158(opens in a new window) ඔස්සේ හෝ enquiries@plsa.vic.gov.au(opens in a new window) මගින් අප හා සම්බන්ධ විය හැකිය.

ඔබේ සේවා යෝජකයා ඔබගේ සේවාව අප වෙත වාර්තා කරයි

එක් එක් කාර්තුවේදී, ඔබගේ සේවා යෝජකයා ඔබගේ පැය ගණන් සහ සාමාන්‍ය වැටුප අප වෙත වාර්තා කරයි. මෙම තොරතුරු මත පදනම්ව ඔබගේ සේවා යෝජකයා අප වෙත ගාස්තුවක් ගෙවයි. මෙම ගාස්තුව මගින් අනාගත පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභවල අනාගත වියදම් ආවරණය කෙරේ.

මෙම යෝජනාක්‍රමය 2019 ජූලි මස 1 වන දින ආරම්භ වූ අතර එම දිනට පසු ඉටු කළ වැඩ සඳහා එය අදාළ වේ.

ඔබේ හිමිකම් සොයා දැන ගන්න (Track)

සේවක ද්වාරය (portal) වෙත පිවිසීමට ඔබේ සේවක ID භාවිතා කරන්න. සේවක ද්වාරය (portal) යනු ඔබට ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා ප්‍රතිලාභ පිළිබඳව සොයා දැනගත හැකි, ඔබේ කොන්ත්‍රාත්තු විස්තර යාවත්කාලීන කළ හැකි සහ ඔබේ වාර්ෂික ප්‍රකාශන වෙත පිවිසිය හැකි ස්ථානය වේ.

ඔබ ඉටු කර ඇති කාර්යයන් ඔබේ සේවා යෝජකයා විසින් සේවක ද්වාරය වෙතට නිවැරදිව වාර්තා කර ඇතිදැයි පරීක්ෂා කර බැලීම වැදගත් වේ. ඔබගේ වැඩ පැය ගණන් මඟහැරී ඇත්නම්, ඔබට හිමිවන පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු හිමිකම් මඟහැරීමට පුළුවන. ඔබගේ සේවාවන් මඟහැරී ඇත්නම්, ඔබට මඟහැරී ඇති සේවා හිමිකම් පෑමේ ආකෘතිපත්‍රයක් (missing service claim form) පිරවීමට පුළුවන.

පළමු වරට සේවක ද්වාරය වෙත පිවිසෙන ආකාරය සොයා ගන්න.

ඔබ දැනටමත් ප්‍රවේශය සඳහා ලියාපදිංචි වී ඇත්නම් සේවක ද්වාරය වෙත ලොග් ඉන් වන්න(opens in a new window).

ඔබේ කොන්ත්‍රාත්තු විස්තර යාවත්කාලීන කරන්න

ඔබ ඔබගේ රැකියා වෙනස් කළහොත් අපට ඔබ හා සම්බන්ධ වනු හැකි පිණිස ඔබ ඔබගේ පුද්ගලික ඊමේල් ලිපිනය සහ දුරකථන අංකය යාවත්කාලීනව තබා ගත යුතුය.

ඔබේ පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා සඳහා හිමිකම් පාන්න

යෝජනාක්‍රමය යටතේ හඳුනා ගෙන ඇති අඩු වශයෙන් අවුරුදු 7ක සේවා කාලයකට පසුව, ඔබට පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු ප්‍රතිලාභ සඳහා අයදුම් කළ හැකිය.

එක් සේවා යෝජකයෙකුට වැඩි ගණනක්

එකම කාලය තුළ එකම කර්මාන්තය තුළ එක් සේවා යෝජකයෙකුට වඩා වැඩි ගණනක් වෙනුවෙන් ඔබ සේවය කරන්නේ නම් ඔබට පහසුවෙන් ගෙන යා හැකි දිගු සේවා නිවාඩු හිමිකම් වර්ධනය කර ගත හැකිය.

සෑම සේවා යෝජකයෙකුම යෝජනාක්‍රමය සඳහා ඔබව ලියාපදිංචි කළ යුතු වේ. ඔබට දැනටමත් සේවක IDඑකක් ඇත්නම්, ඔබට මෙය ඔබේ සේවා යෝජකයාහට ලබා දිය හැකිය.

සේවා යෝජකයින් වෙනස් කිරීම

ඔබ සේවා යෝජකයා වෙනස් කළේ වුවද එකම කර්මාන්තය තුළ රැඳී සිටින්නේ නම්, ඔබට ඔබේ පහසුවෙන් ගෙන ගෙන යා හැකි දිගු සේවා නිවාඩු හිමිකම් අඛණ්ඩව වර්ධනය කර ගත හැකිය.

ඔබේ නව සේවා යෝජකයාහට ඔබගේ සේවක ID ලබා දෙන්න, එවිට ඔවුන් විසින් ඔබගේ පැය ගණන් සහ සාමාන්‍ය වැටුප අප වෙත වාර්තා කිරීම සහ ඔවුන් සමඟ වන ඔබේ සේවාව මත පදනම්ව ගාස්තු ගෙවීම සිදු කරනු ඇත.

කර්මාන්තයෙන් නිවාඩු ලබා ගැනීම

ඔබ අඛණ්ඩව අවුරුදු 4කට වඩා වැඩි කාලයක් සඳහා ඔබේ කර්මාන්තයේ සේවය නොකළහොත්, ඔබේ ලියාපදිංචිය අක්‍රිය විය හැකිය.

සේවක ලේඛනයේ අක්‍රිය කොටස වෙත ඔබගේ ලියාපදිංචිය විතැන් කර ඇති විට, ඔබට ඔබගේ සියලු පෙර සේවා දින ගණන් අහිමි වනු ඇති අතර ඔබගේ දිගු සේවා නිවාඩු සඳහා හිමිකම් පෑමට නොහැකි වනු ඇත. ඔබ පසුව කර්මාන්තය වෙත ආපසු පැමිණියහොත්, ඔබේ සේවා දින බිංදුවේ සිට නැවත ආරම්භ වනු ඇත.

අප හා සම්බන්ධ වන්න

1800 517 158(opens in a new window) ඔස්සේ අප අමතන්න නැතහොත් enquiries@plsa.vic.gov.au(opens in a new window) මගින් අප වෙත ඊමේල් කරන්න.

නොමිලේ භාෂණ පරිවර්තන සේවා

ඉංග්‍රීසි ඔබගේ මව් භාෂාව නොවේ නම්, නොමිලේ ලබා දෙන භාෂණ පරිවර්තන සේවාවක උපකාරයෙන් ඔබ සමඟ කතා කිරීමට අපගේ කාර්ය මණ්ඩලයට පුළුවන. ගාස්තු අය නොකරෙන 1800 517 158(opens in a new window) අංකය ඔස්සේ අප අමතන්න.

Updated